තම හිටපු පෙම්වතාගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමේ චෝදනාව මත 25 හැවිරිදි පරිගණක ඉංජිනේරුවරියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් පසුගිය අඟහරුවාදා (ජනවාරි 13) අත්අඩංගුවට ගනු ලැබීය. යාපනය, කන්දර්මඩම් ප්‍රදේශයේ පදිංචිකාරියක වන මෙම සැකකාරිය, සිය හිටපු පෙම්වතාගේ නිරුවත් ඡායාරූප WhatsApp සමූහයක් (Group) හරහා ප්‍රසිද්ධ කර ඇති බවට එම තරුණයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව මෙම පියවර ගෙන ඇත.අදාළ කොට්ඨාසයේ උතුරු පළාත් ඒකකය මගින් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මීට වසර පහකට පමණ පෙර මොවුන් දෙදෙනා අතර ප්‍රේම සබඳතාවක් පැවතී ඇති බවයි. එම සබඳතාව බිඳවැටීමෙන් පසු ඇති වූ දැඩි සිත් තැවුල සහ වෛරය හේතුවෙන්, පළිගැනීමේ චේතනාවෙන් ඇය මෙම ඡායාරූප අන්තර්ජාලයට මුදාහැර ඇති බව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකාරිය යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබේ.


























