පෙරිනේටල් සංගමයේ නව සභාපතිනිය ලෙස මහාචාර්ය රුවන්ති පෙරේරා පත්වෙයි

ශ්‍රී ලංකා පෙරිනේටල් සංගමයේ (Perinatal Society of Sri Lanka) 25 වන සභාපතිනිය ලෙස මහාචාර්ය රුවන්ති පෙරේරා මහත්මිය අභිෂේක ලැබුවාය. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සිකුරාදා (02) සන්ධ්‍යාවේ කොළඹ ග්‍රෑන්ඩ් මෙට්ලන්ඩ් හෝටලයේදී මෙම පදවි ප්‍රාප්ති මහෝත්සවය පැවැත්විණි. එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා අවධාරණය කළේ පවතින අභියෝග මධ්‍යයේ මෙරට සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමට මාතෘ සහ ප්‍රසව හා නාරිවේද ක්ෂේත්‍රයේ වෘත්තිකයන් සුවිශේෂී මෙහෙවරක් ඉටුකරන බවයි. දිවයින පුරා මාතෘ හා නවජන්ම සත්කාරක ප්‍රමිති ඉහළ නැංවීමේත්, වඩාත් ඔරොත්තු දෙන සහ සාධාරණ සෞඛ්‍ය පද්ධතියක් ගොඩනැගීමේත් වැදගත්කම ඔහු එහිදී පෙන්වා දුන්නේය.​”නොනැසී පැවතීමෙන් ඔබ්බට: උසස් මාතෘ හා නවජන්ම සත්කාරක සේවාවන් සමඟින් සවිබල ගැන්වෙමු” (Beyond Survival: Thriving with Advanced Maternal and Neonatal Care) යන තේමාව යටතේ පැවති මෙම උත්සවයට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, සංගමයේ හිටපු සභාපති වෛද්‍ය හරේන්ද්‍ර දිසානායක, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත වෛද්‍ය රාජේෂ් සම්භාජිරාඕ පාණ්ඩව් යන මහත්වරුන් ඇතුළු පෙරිනේටල් සංගමයේ සාමාජිකයෝ රැසක් සහභාගී වූහ.

What's your reaction?

Related Posts

1 of 928

Leave A Reply

Your email address will not be published. Required fields are marked *