පොතුවිල්හි කාන්තාවක් උදැල්ලකින් පහරදී ඝාතනය කරයි

පොතුවිල් පොලිස් වසමේ හුලංනුගේ 12 කණුව ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් කාන්තාවකට උදැල්ලකින් පහරදී ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි. මෙම ඝාතනය ඊයේ (22) සවස් කාලයේ සිදුව ඇත. මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හුලංනුගේ, පොතුවිල් ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි කාන්තාවකි. සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පුද්ගලික ආරවුලක් මත මෙම අපරාධය සිදු කර ඇති බවයි.​මෙම අපරාධය සිදුකළ බවට සැකකෙරෙන වයස අවුරුදු 59 ක් වන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පොතුවිල් පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කර ගෙන යයි.

What's your reaction?

Related Posts

1 of 974

Leave A Reply

Your email address will not be published. Required fields are marked *