පොල් සහ හාල් නිසා මේ අවුරුද්දේ කිරිබත් කන්නත් අමාරු උනා – මුජිබර් රහුමාන්

මාධ්‍ය හමුවක් පවත්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මූජුබර් රහුමාන් මහතා මෙලෙස අදහස් පළ කළා.

“සහල් වලින් ජනතාවට බදු බර පටවන්න හොඳ නෑ..
මේ වසරේත් ජනතාව අමාරුවෙන් කෑවේ..
සෞඛ්‍ය ඇමතිතුමා කිව්වේ පෞද්ගලික ආධාර උපකාර ඕනේ නැහැයි කියලයි..
අපේ රටට උදව් කරපු බොහෝ ඒවා තියෙනවා..
එහෙමනම් ණය ගන්න එකත් එපා කියන්න ඕනේ. මොකටද කාගෙන්වත් ණය ගන්නේ? ආණ්ඩුව දැන් ආණ්ඩුවට එරෙහි වෙලා කතා කියනවා. මොනා හරි කියලා අපි එහෙම කිව්වේ නැහැයිියනවා. ඇමතිවරු කියපු සමහරක් කතා කිව්වහම ඒවට සෘණාත්මක වුණාම ඒවට පිළිතුරු දෙන්න උත්සාහ කරනවා. ඇමතිවරුන්ගේ කතාවලින් අපිට පැහැදිලි වෙන්නේ ඒ අයට මේ ගැන අවබෝධයක් නැහැයි කියන එකයි.”

තව දුරටත් මන්ත්‍රීවරයා මෙලෙස අදහස් දැක්වූවා.

“රෝහිණියා සරණාගතයන් ලංකාවෙන් පිටුහල් කරන්නන එපා. එතන කුඩා ළමයිනුත් ඉන්නවා. ඒගොල්ලෝ කැමති රටකට යවනකං ඒගොල්ලන්ව ආරක්ෂා කරගන්න ඕනේ. ඒගොල්ලෝ අපේ රැකවල් බලාගෙනයි ඇවිත් තියෙන්නේ.
ඒ රටේ ඉන්න බැරි නිසයි ඒ අය ඇවිත් තියෙන්නේ නැවත ඒ රටට යන්න ඒ අය බයයි.”

What's your reaction?

Related Posts

1 of 440

Leave A Reply

Your email address will not be published. Required fields are marked *