පොලිස් අත්අඩංගුවේ සිටියදී තම පුත්‍රයා මියගිය බවට ඥාතීන්ගෙන් චෝදනාවක්

පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අත්අඩංගුවේ සිටි තරුණයෙකු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට රැගෙන යන අවස්ථාවේ අසාධ්‍ය වී රෝහල්ගත කරන විට මියගොස් තිබෙනවා.

ඥාතීන් චෝදනා කරන්නේ පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ විමර්ශන නිලධාරීන්ගේ කෲර පහරදීම් හේතුවෙන් විහඟ ජීවිතක්ෂයට පත්වූ බවටයි.

මිනුවන්ගොඩ, හොරම්පැල්ල, වේරගොඩමුල්ල ප්‍රදේශයේ පදිංචි විහඟ ඉකුත් අප්‍රේල් 22වැනිදා පස්වරු 3.30ට පමණ නිවසින් පිටව තිබුණේ කාර්මික දෝෂයකට ලක්වූ තම යතුරුපැදිය සාදා ගැනීම සඳහා සුපුන් නමැති කාර්මික ශිල්පියෙකු කැටුව පැමිණීම සඳහායි.

නමුත් පසුදින අලුයම වනතෙක්ම ඔහු නැවත නිවස වෙත නොපැමිණි නිසා ඔහුගේ පියා මිනුවන්ගොඩ පොලිසියට පැමිණ තිබුණේ පැමිණිලි කිරීම සඳහායි.

අනතුරුව ඔහු පසුව 23 වැනිදා රාත්‍රියේ පෑලියගොඩ අපරාධ විමර්ශන කොට්ඨාසයට දුරකථන ඇමතුමක් ලබාදුන් බවත්, එම අවස්ථාවේ තම පුත්‍රයා කෑගසන හඩ දුරකථනයෙන් ඇසුණු බවත් විහඟගේ පියා පවසනවා.

පසුව විහඟගේ වැඩිමහල් සහෝදරයා නීතීඥවරයෙකුද සමඟ අප්‍රේල් 24 වැනිදා පෑලියගොඩ අපරාධ විමර්ශන කොට්ඨාසයට ගොස් විහඟ එම පොලිස් නිලධාරීන් භාරයේ සිටින බවට තහවුරු කරගෙන තිබෙනවා.

ඉන්පසු අප්‍රේල් 25වැනිදා ඔවුන් නැවත පෑලියගොඩ අපරාධ කොට්ඨාසයට පැමිණ තිබුණේ එදින විහඟ අධිකරණය වෙත ඉදිරිපත් කරන බවට විමර්ශන නිලධාරියෙකු කළ දැනුම් දීමකට අනුවයි.

තුවාල සහිතව ඉතා අසාධ්‍ය තත්ත්වයේ සිටි විහඟ අධිකරණය වෙත රැගෙන යාම සඳහා පියවර ගත්තත් ඔහුගේ තත්ත්වය බරපතල වූ බැවින් ඔහු රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබුණා.

නමුත් ඒ වනවිටත් ඔහු මියගොස් ඇති බවයි වෛද්‍යවරුන් පවසා ඇත්තේ.

විහඟගේ ඥාතීන් චෝදනා කරන්නේ පෑලියගොඩ අපාරධ කොට්ඨාසයේ විමර්ශන නිලධාරීන්ගේ කෲර පහරදීම් හේතුවෙන් විහඟ ජීවිතක්ෂයට පත්වූ බවටයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *