පොලිස් දෛනික මෙහෙයුම් සාර්ථක ලෙස තවදුරටත් අඛණ්‌ඩව

මත්ද්‍රව්‍ය හා පාතාල මර්දනය කිරීම අරමුණු කරගනිමින් දෛනිකව සිදුකරන පොලිස් මෙහෙයුම් පිළිබඳව මහජන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.ඊයේ (03) සිදුකළ මෙහෙයුම් මගින් මත්ද්‍රව්‍ය හා විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් රැසක් අදාළ මෙහෙයුම මගින් අත්අඩංගුවට පත්ව ඇත.මෙම මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා පොලීසියෙත්, පොලිස් විශේෂ කාර්ය බළකායේත් ත්‍රිවිධ හමුදාවේත් 6,644 දෙනෙකු සම්බන්ධ වී තිබේ.වැටලීම්වලදී මත්ද්‍රව්‍ය සම්බන්දයෙන් පුද්ගලයන් 971 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අපරාදවලට සෘජු ලෙස සම්බන්ධ පුද්ගලයන් 21 දෙනෙකුද වරෙන්තුකරුවන් 449 දෙනෙකුද අත්අඩංගුවට පත්ව තිබේ.මහජන ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ , මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ අධීක්ෂණය මත ශ‍්‍රී ලංකා පොලීසියේත් ත‍්‍රිවිධ හමුදාවේත් සහභාගීත්වයෙන් මෙහෙයුම් අඛණ්ඩව විශාල වශයෙන් ක‍්‍රියාත්මක කරන බවයි.

What's your reaction?

Related Posts

1 of 778

Leave A Reply

Your email address will not be published. Required fields are marked *