පොලිස් නිලධාරීන්ට එරෙහිව පැමිණිලි වාර්තා වීම ඉහළට – ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම

පොලිස් නිලධාරීන්ට එරෙහිව පැමිණිලි වාර්තා වීම ඉහළ ගොස් ඇතැයි, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.

ඉන් බහුතරයක් වාර්තා වී ඇත්තේ, වධහිංසා කිරීම, අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම මෙන්ම හිරිහැර කිරීම සම්බන්ධයෙනි.

ජනතා පැමිණිලිවලට අදාළව ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් ද, චෝදනා එල්ල වන බව මානව හිමිකම් කොමිසම සඳහන් කළේ ය.

වැඩබලන පොලිස්පතිවරයා ඇතුලු පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සාමාජිකයින් අතර පැවති හමුවකදී ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමුව තිබේ.

එහිදී මානව හිමිකම් කොමිසම නිර්දේශ කර ඇත්තේ, පොලීසියේ අභ්‍යන්තර ක්‍රියාවලීන් ප්‍රතිව්‍යුහගත කර, නව තාක්ෂණික උපක්‍රම භාවිත කරන ලෙසයි.

මේ වසර තුළ මානව හිමිකම් කඩවීමේ සිදුවීම් සැළකිය යුතු ලෙස අවම කිරීම, සිය අරමුණ බව වැඩබලන පොලිස්පතිවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.

What's your reaction?

Related Posts

1 of 563

Leave A Reply

Your email address will not be published. Required fields are marked *