පසුගිය දිනවල සමාජ මාධ්‍ය සහ පණිවිඩ හුවමාරු යෙදුම් ඔස්සේ “පොලිස් නිවේදනය” යන සිරස්තලයෙන් සංසරණය වන පණිවිඩය සම්පූර්ණයෙන්ම ව්‍යාජ එකක් බවත්, ශ්‍රී ලංකා පොලිසිය විසින් එවැනි කිසිදු නිවේදනයක් නිකුත් කර නොමැති බවත් පොලිස් මූලස්ථානය අවධාරණය කරයි. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය පවසන්නේ එම පණිවිඩයේ අඩංගු කරුණු සහ නියෝග අනවසර මෙන්ම මහජනයා නොමඟ යවන සුළු බැවින්, ඒවා නිල සන්නිවේදනයන් ලෙස සලකා කටයුතු නොකරන ලෙසයි. රට පුරා නීතිය හා සාමය පවත්වාගෙන යාමටත්, සියලු පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමටත් ශ්‍රී ලංකා පොලිසිය නිරන්තරයෙන් කැපවී සිටින බව එහි සඳහන් වේ.රජයේ ආයතන නමින් සංසරණය වන මෙවැනි පණිවිඩ තවකෙකුට යොමු කිරීමට (Share) පෙර එහි සත්‍යතාව තහවුරු කරගන්නා ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. නිල පොලිස් නිවේදන නිකුත් කරනු ලබන්නේ ශ්‍රී ලංකා පොලිස් නිල වෙබ් අඩවිය, පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ මාධ්‍ය නිවේදන, සත්‍යාපිත (Verified) සමාජ මාධ්‍ය ගිණුම් සහ පිළිගත් ප්‍රධාන මාධ්‍ය ආයතන හරහා පමණි. තහවුරු නොකළ හෝ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමෙන් අනවශ්‍ය බියක් ඇති විය හැකි අතර මහජන සාමයට බාධා එල්ල විය හැකි බව ද පොලිසිය පෙන්වා දෙයි. එබැවින් සාමය සහ නීතිගරුකභාවය පවත්වා ගැනීමට සහය වෙමින්, නිවැරදි තොරතුරු සඳහා නිල සන්නිවේදන මාර්ග කෙරෙහි පමණක් විශ්වාසය තබන ලෙස පොලිසිය වැඩිදුරටත් ඉල්ලා සිටියි.


























