පොලිස් භාරයේදී මියගිය තරුණයා ගැන මාධ්‍ය ප්‍රකාශක කළ කතාවට සහෝදරයාගෙන් ප්‍රතිචාරය

පෑලියගොඩ අපරාධ විමර්ශන කොට්ඨාසය භාරයේ සිටියදී මිය ගිය තරුණයාගේ මරණය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කළ ප්‍රකාශය පිළිගත නොහැකි බව එම තරුණයාගේ සහෝදරයා පවසනවා.

අදාළ තරුණයා මියයෑමට හේතුව ඔහුගේ සහෝදරයා විසින් උත්තේජන පානයක් ලබාදීමෙන් පසු ඇති වු ආසාත්මිකතාවක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ (21) සඳහන් කළේ.

මිනුවන්ගොඩ – හොරම්පැල්ල – වේරගොඩමුල්ල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි විහඟ ප්‍රමුදිත පතිරණ නමැති මෙම තරුණයා පෑලියගොඩ අපරාධ විමර්ශන කොට්ඨාසය භාරයේ සිටියදි මියගිය පුවත හිරු ප්‍රවෘත්ති පසුගිය 19 වැනිදා වාර්තා කළා.

මියගිය විහඟගේ ඥාතීන් පැවසුවේ පසුගිය අප්‍රේල් මස 22 වැනිදා පස්වරුවේ පෑලියගොඩ අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් ඔහු අත්අඩංගුවට ගෙන තිබු බවට අනාවරණ වූ බවයි.

නමුත් පෑලියගොඩ අපරාධ විමර්ශන කොට්ඨාසය ඔහුව අත්අඩංගුවට ගත් බව ප්‍රතික්ෂේප කළ ද එම කොට්ඨාසයට ඇමතුමක් ලබාදුන් අවස්ථාවකදි ඔහුට පහරදෙන හඬ ඇසුණු බවත්, ඥාතීන් සඳහන් කළා.

එලෙස ලබාදුන් දුරකථන ඇමතුමක හඬ පටයක් ද ඔවුන් මාධ්‍ය වෙත නිකුත් කර තිබුණා.

පෑලියගොඩ අපරාධ විමර්ශන කොට්ඨාසය භාරයේ පසු වු විහඟ අත්අඩංගුවේ සිට අධිකරණයට රැගෙන යෑමට සූදානම්කර සිටියදි පසුගිය අප්‍රේල් මස 24 වැනිදා මියගොස් තිබුණා.

විහඟගේ ඥාතීන් චෝදනා කළේ පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ විමර්ශන නිලධාරීන්ගේ පහරදීම් හේතුවෙන් විහඟ ජීවිතක්ෂයට පත්වූ බවයි.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් එදින අප විමසීමක් කළත් ඔහු ඊට ප්‍රතිචාර දක්වා තිබුණේ නැහැ.

කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ සඳහන් කළේ සහෝදරයා විසින් තරුණයාට දුන් පානයක් හේතුවෙන් ආසාත්මිකව ඔහු මියගොස් ඇති බවයි.

කෙසේ වෙතත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් විහඟගේ සහෝදරයා පළ කළේ මෙවැනි අදහසක්.

මේ අතර, මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා විහඟගේ සහෝදරයා සහ පියා පොලිස් විශේෂ විමර්ශන එකකයට කැඳ අද (22) කැඳවා තිබුණා.

පැය කිහිපයක් ඔවුන් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දි තිබු අතර, මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දි තිබියදි මරණයට හේතුව ආසාත්මිකතාවක් බව වෛද්‍ය වාර්තාවලින් අනාවරණ වි ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන්ද ප්‍රකාශ ලබාදුන් බව ඔවුන් සඳහන් කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *