පොලිස් මෙහෙයුම්වලින් 853ක් දැලේ: වරෙන්තුකරුවන් සහ බේබදු රියදුරන් රැසක් අත්අඩංගුවට!

ඊයේ (15) දින දිවයින පුරා ක්‍රියාත්මක කළ විශේෂ පොලිස් මෙහෙයුම්වලදී සැකකරුවන් 853 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය සඳහන් කරන පරිදි මෙම මෙහෙයුම් අතරතුර පුද්ගලයින් 31,525 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති අතර, ඉන් පුද්ගලයින් 20 දෙනෙකු අපරාධ වැරදිවලට සෘජුවම සම්බන්ධ අය ලෙස හඳුනාගෙන ඇත.​මෙම වැටලීම්වලදී අධිකරණ වරෙන්තු නිකුත් කර තිබූ සැකකරුවන් 429 දෙනෙකු සහ විවෘත වරෙන්තුකරුවන් 203 දෙනෙකු ද අත්අඩංගුවට පත්ව තිබේ. මීට අමතරව, බීමත්ව රිය පැදවූ රියදුරන් 527 දෙනෙකු සහ නොසැලකිලිමත් ලෙස රිය පැදවූ පුද්ගලයින් 96 දෙනෙකු පොලිස් භාරයට ගෙන ඇත. අනෙකුත් මාර්ග රීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් 4,560 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

What's your reaction?

Related Posts

1 of 1,015

Leave A Reply

Your email address will not be published. Required fields are marked *