දිවයින පුරා අපරාධ සහ රථවාහන වැරදි මර්දනය කිරීම සඳහා පොලීසිය ක්‍රියාත්මක කරන විශේෂ සෝදිසි මෙහෙයුම් තවදුරටත් දැඩි කර තිබේ. ඒ අනුව ඊයේ (06) දිනයේදී පමණක් පුද්ගලයින් 27,430 දෙනෙකු සෝදිසි කිරීමට පොලිස් නිලධාරීන් පියවර ගෙන ඇත. මෙම මෙහෙයුම්වල ප්‍රතිඵලයක් ලෙස විවිධ සැකකටයුතු ක්‍රියාකාරකම්වලට සම්බන්ධ පුද්ගලයින් 524 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.අත්අඩංගුවට ගත් පිරිස අතර අපරාධවලට සෘජුවම සම්බන්ධ බවට හඳුනාගත් පුද්ගලයින් 14 දෙනෙකු සිටින අතර, අධිකරණය මඟින් වරෙන්තු නිකුත් කර තිබූ පුද්ගලයින් කොටු කර ගැනීමට ද පොලීසිය සමත්ව ඇත. ඒ අනුව සාමාන්‍ය වරෙන්තුකරුවන් 309 දෙනෙකු සහ විවෘත වරෙන්තු නිකුත් කර තිබූ පුද්ගලයින් 156 දෙනෙකු මෙදින සිදුකළ වැටලීම්වලදී පොලිස් දැලට හසුවී තිබේ.මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වූ රථවාහන පරීක්ෂාවලදී බීමත්ව රිය පදවා සිටි රියදුරන් 422 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කළ තවත් 79 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ඇත. මීට අමතරව, වෙනත් විවිධ රථවාහන නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 4,826 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගැනීමට පොලීසිය කටයුතු කර තිබේ.මහජන ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම දෛනික මෙහෙයුම් ඉදිරි දිනවලදී ද අඛණ්ඩව සිදුකරන බව පොලීසිය වැඩිදුරටත් අවධාරණය කරයි. අපරාධකරුවන් සෙවීම සහ මාර්ග විනය පවත්වා ගැනීම සඳහා මෙම ක්‍රියාවලිය මහත් පිටුවහලක් වන බව ආරක්ෂක අංශ පෙන්වා දෙයි.


























