පොලිස් විරුවන්ගේ ගෞරවාචාරය මැද 162 වන විරු සැමරුම අභිමානයෙන් පැවැත්වෙයි!

ශ්‍රී ලංකා පොලිස් සේවයේ 162 වන අභිමානවත් “පොලිස් විරු දිනය” අදට (21) යෙදී ඇති අතර, ඒ වෙනුවෙන් ප්‍රධාන සැමරුම් උත්සවය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදී ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. එහි පිහිටි විරු සමරු ස්මාරකය අභියසදී මාතෘභූමියේ ස්වෛරීභාවය සහ මහජන ආරක්ෂාව වෙනුවෙන් තම ජීවිත පරිත්‍යාග කළ අභීත පොලිස් විරුවන් අනුස්මරණය කරමින් පුෂ්පෝපහාර දැක්වීම මෙහිදී සිදුකෙරුණු අතර, එම උදාර මෙහෙවර ඉමහත් ගෞරවයෙන් යුතුව මෙහිදී සිහිපත් කෙරිණි.​විරු සමරුවට සමගාමීව, වර්තමානයේ පොලිස් සේවයේ නිරත වෙමින් සාමය සහ නීතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් සුවිශේෂී දක්ෂතා හා කැපවීම් ප්‍රදර්ශනය කළ නිලධාරීන් ඇගයීමට ලක් කිරීම ද පොලිස්පතිවරයා අතින් මෙහිදී සිදුවිය. රාජකාරිය දේවකාරියක් සේ සලකා කටයුතු කරන නිලධාරීන්ට දිරිගැන්වීමක් එක් කරමින් පවත්වනු ලැබූ මෙම උපහාර උත්සවය, සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවේම වෘත්තීය අභිමානය මැනවින් පිළිඹිබු කරන්නක් විය.

What's your reaction?

Related Posts

1 of 1,058

Leave A Reply

Your email address will not be published. Required fields are marked *