පොලිසියෙන් බේරෙන්න ඇළට පැන්න තරුණයා මඩේ එරි මිය යයි..

විශේෂ කාර්ය බළකායත් පොලිසියත් යොදා තිබූ මාර්ග බාධකයෙන් බේරී පලායාමට උත්සාහ කරලා..
…………………………………..
අද දහවල් එකොළහට පමණ රාජගිරිය කොළොන්නාව පාරේ පාලම අසල විශේෂ කාර්ය බලකායත් වැලිකඩ පොලිසියත් ඒකාබද්ධව විශේෂ මාර්ග බාධකයක් යොදා තිබෙනවා..

මෙහිදී විශේෂ කාර්ය බාලකය විසින් යතුරුපැදියක් නවතා තිබෙනවා …
එය පික්මී යතුරුපැදියක් වන එහි පිටුපස ගමන් කර ඇත්තේේ එහි හයර් එකට නැගී පැමිණි පුද්ගලයයි..

එම සෝදිසි කිරීමේදී එම තරුණයා අසල තිබෙන ඇළට පැන බේරී යාමට උත්සාහ කර තිබෙනවා…

අඩි කිහිපයක් ඇලේ ගිය ඔහු මඩේ එරි දියේ අතුරුදන්ව තිබෙනවා..

පසුව එම ඇලේ සුද්ද පවිත්‍ර කරමින් සිටි දෙදෙනකු විසින් මඩේ ඉරි තිබූ එම සිරුර ගොඩ ගෙන තිබුණා..

(ගොඩගත් දෙදෙනාගේ නැට් සවුන්ඩ් වොයිස් කට්)

මියගොස් ඇති පුද්ගලයා අවුරුදු තිස් හයක් වයසකි රාජගිරියේ මොරගස්මුල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු බවට පොලිසිය හඳුනාගෙන ඇති අතර..

එම පුද්ගලයා සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය තිබී සොයාගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බළකාය සහ වැලිකඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

පික්මී යතුරුපැදියක හයර් එකට පිටුපස පැදිකරු ලෙස පැමිණි පුද්ගලයා මෙසේ පරීක්ෂා කිරීමට යාමේදී විදියට පැන තිබෙනවා

What's your reaction?

Related Posts

1 of 462

Leave A Reply

Your email address will not be published. Required fields are marked *