පොලිසියේදී සැකකරුවෙකු කොස්තාපල්වරයෙකුගේ ගෙළ මිරිකයි

පොලිස් සිරමැදිරියේ රඳවා සිටි සැකකරුවකු ඉන් පිටතට ගෙන ප්‍රකාශයක් සටහන් කරගැනීමට යාමේදී සැකකරු විසින් එහි සිටි කොස්තාපල්වරයකුගේ ගෙළ මිරිකා සපා කෑම හේතුවෙන් අදාළ කොස්තාපල්වරයා රෝහල් ගත කිරීමේ පුවතක් මොණරාගල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස රෝහල්ගත කර ඇත්තේ මොණරාගල පොලිසියේ කොස්තාපල්වරයෙක්.

සංගීත ප්‍රසංගයකදී බීමතින් කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයකු මොණරාගල පොලිසිය පසුගියදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුව ඔහු සිරමැදිරියේ රදවා සැකකරුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට යාමේදී මෙම සිද්ධිය සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *