පොහොට්ටුවේ පිරිසක් සජිත් ළඟට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුතු සමගි ජන සන්ධානය හා එක් වීමට සාකච්ඡා පවත්වමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය හා සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ආචාර්ය ගොඩහේවා කියා සිටින්නේ, එම පිරිස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් ස්වාධීන වී සිටින මන්ත්‍රීවරුන් වන බවයි.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සාගේ මූලිකත්වයෙන් ගොඩ නැගී ඇති නව සන්ධානයේ වේදිකාවට ගොඩ වූ මන්ත්‍රීවරුන් සිව් දෙනාගෙන් අයෙකු ද සමගි ජන සන්ධානය හා එක් වීමට සාකච්ඡා කරමින් සිටින බවයි ගොඩහේවා මන්ත්‍රීවරයා එහි දී පැවසුවේ.

What's your reaction?

Related Posts

1 of 1,175

Leave A Reply

Your email address will not be published. Required fields are marked *