​පෝලන්ත වීසා වංචාවකට හසුවූ ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙකු කටුනායකදී අත්අඩංගුවට!

ඉන්දියාවේ නව දිල්ලි නුවර සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකික මගීන් සිව්දෙනෙකු ව්‍යාජ පෝලන්ත වීසා බලපත්‍ර සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇත. ඉකුත් අඟහරුවාදා (ජනවාරි 06) දින අලුයම ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් මෙරටට පැමිණි මොවුන් අතර මීගමුව ප්‍රදේශයේ 22 හැවිරිදි විවාහක යුවළක්, වැල්ලම්පිටිය පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකු සහ කරවෙට්ටි ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකු සිටින බව ආගමන විගමන නිලධාරීන් පවසයි. නීත්‍යානුකූලව පෝලන්ත වීසා ලබාගැනීම සඳහා මොවුන් ඒජන්තවරුන් වෙත රුපියල් මිලියන 6.4 ක මුදලක් ගෙවා ඇති අතර, ඇඟිලි සලකුණු ලබාදීම සඳහා නව දිල්ලි නුවර පිහිටි පෝලන්ත තානාපති කාර්යාලය වෙතද ගොස් ඇති බව අනාවරණය වී ඇත.​කෙසේ වෙතත්, ගුවන්තොටුපළේදී ඔවුන් ඉදිරිපත් කළ ලේඛන පිළිබඳ ඇති වූ සැකය මත ආගමන විගමන දේශසීමා නිරීක්ෂණ ඒකකය සිදුකළ තාක්ෂණික පරීක්ෂාවන්හිදී එම වීසා බලපත්‍ර ව්‍යාජ ඒවා බව තහවුරු විය. මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ මෙම මගීන් තමන්ට ලැබී ඇත්තේ ව්‍යාජ වීසා බව නොදැන සිට ඇති අතර, මෙරටට පැමිණි පසු තවත් විශාල මුදලක් ගෙවීමටද ඔවුන් පොරොන්දු වී සිට ඇති බවයි. අත්අඩංගුවට ගත් පිරිස සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

What's your reaction?

Related Posts

1 of 933

Leave A Reply

Your email address will not be published. Required fields are marked *