පෝලිම් පිටින් දළදා වන්දවන්න මම නෝනාවත් අරන් යන්නෑ – ලාල් කාන්ත

මෙවර සිරි දළදා වන්දනාව තුළදී දළදා වැඳීම සඳහා අවස්ථාව සලසා දෙන මෙන් කිසිම කෙනෙක් තමාට දුරකථන මාර්ගයෙන් කතා නොකළ බවත් එවැනි අවස්ථාවන් කිසිවෙකුට සලසා නොදෙන බවත් අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතා සඳහන් කරයි.

ඒ අනුව ජාතික වශයෙන් දේශපාලන සංස්කෘතියන් නිර්මාණය වන වකවානුවක ජනතාවට ඒ වෙනුවෙන් පෙළ ගැහෙමින් සිටින කාලසීමාවක එවැනි දේවල් සිදු නොකිරීමට ඔවුන් වගබලා ගන්නා බවත් එතුමා තවදුරටත් සඳහන් කළේය.

මහනුවර සංවිධායකයා ලෙස තමා දළදා වැඳීමට ජනාධිපතිත් සමඟ ගිය බවත් ඒ අවස්ථාවේදී ඔහුගේ බිරිඳ පැමිණියේ නැතිද කියා සමහර පුද්ගලයන් විමසූ බවත් එවැනි අවස්ථාවකට තමා කතා කලත් බිරිඳ පැමිණෙන්නේ නැති බවත් ලාල් කාන්ත මහතා සඳහන් කළේය.

ඔහුගේ කිසිදු ඥාති හිත මිතුරෙකුට ඔහුගේ දේශපාලන බලය භාවිතා කර එවැනි ඉඩ සලසා නොදුන් බව එතුමා වැඩිදුරටත් සඳහන් කළේය.

What's your reaction?

Related Posts

1 of 694

Leave A Reply

Your email address will not be published. Required fields are marked *