පෞද්ගලික අංශයේ සේවකයන්ටත් විශ්‍රාම වැටුප් ක්‍රමයක්: රජයෙන් අලුත් යෝජනාවක්!

සේවක අර්ථසාධක අරමුදලට (EPF) හිමිකම් කියන පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා, එම අරමුදල එකවර ලබා දෙනවා වෙනුවට විශ්‍රාම වැටුපක් ලෙස ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා අද (06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. සේවකයෙකු විශ්‍රාම ගැනීමෙන් පසු ඔවුන්ගේ සමාජ ආරක්ෂණය තහවුරු කිරීම සඳහා මෙම අරමුදල හඳුන්වා දී ඇති බවත්, එය එකවර ලබා දීමෙන් පෞද්ගලික අංශයේ සේවකයන්ගේ විශ්‍රාමික ජීවිතයේ සමාජ ආරක්ෂණය අවදානමට ලක්වන බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.​ඒ අනුව, රජයේ සේවකයන්ට හිමිවන විශ්‍රාම වැටුප් ක්‍රමයට සමාන ක්‍රමවේදයක් පෞද්ගලික අංශයට ද හඳුන්වා දීම හරහා සේවකයන්ට තම විශ්‍රාමික කාලය පුරාවටම මාසික වැටුපක් ලැබීමට සැලැස්වීම රජයේ අරමුණ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

What's your reaction?

Related Posts

1 of 933

Leave A Reply

Your email address will not be published. Required fields are marked *