ප.ව. 1.00 න් පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි!

අද දහවල් 1.00 න් පමණ පසුව දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඌව, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක් තද වැසි ඇතිවීමට ඉඩ ඇත. තවද, බස්නාහිර සහ දකුණු පළාත්වල මෙන්ම පුත්තලම දිස්ත්‍රික්කයේ උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලිකව ඇතිවිය හැකි තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

What's your reaction?

Related Posts

1 of 831

Leave A Reply

Your email address will not be published. Required fields are marked *