2025 ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සමග පැවැති තරගය නවසීලන්තය අද (24) ජය ගත්තේ ය.
ජයග්‍රහණයට ලකුණු 237ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්තය තරගය ජය ගත්තේ කඩුලු 5ක් දැවී සිටියදීයි.
පකිස්ථානයේ රාවල්පින්ඩි ක්‍රීඩාංගනයේදී කාසියේ වාසිය හිමිකර ගත්තේ නවසීලන්ත නායක මිචෙල් සැන්ට්නර්, පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේ ය.
ඒ අනුව පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් ඉනිම ආරම්භ කළේ, ටන්සිඩ් හසන් සහ නායක නජ්මුල් හුසේන් ශැන්ටෝ.
ටන්සිඩ් හසන් ලකුණු 24කට දැවී ගියේ ය.
ඔවුන්ගේ මුල් පෙළ කඩුලු 5 ලකුණු 118කදී බිඳ වැටිණි.
නායක නජ්මුල් හුසේන් ශැන්ටෝ ලකුණු 77ක් රැස් කළේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වෙමිනි.
ඔහුට අගනා සහයක් ලබා දුන් ජාකර් අලී ලකුණු 45ක් රැස් කළේ ය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දුවාර 50 අවසානයේදී කඩුලු 9ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 236ක්.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි නවසීලන්තයේ මුල් පෙළ කඩුලු 2 ලකුණු 15කදී බිඳ වැටිණි.
විල් යංග් ලකුණු රැස් කිරීමට පෙර දැවී ගිය අතර, කේන් විලියම්සන් ලකුණු 5යි.
ඩෙවෝන් කෝන්වේ ලකුණු 30ක් රැස් කළේ ය.
දක්ෂ පිතිහරඹයක නිරත වූ රචින් රවීන්ද්‍ර අද රැස් කළේ සිව්වැනි එක් දින ශතකයයි.
තරගාවලියේ සියලු තරග නිල දේශීය විකාශන අයිතිය හිමි එම් ටී වී මාධ්‍ය ජාලයේ ටීවී වන් නාලිකාව ඔස්සේ සහ sirasatv.lk වෙබ් අඩවිය ඔස්සේ ඔබට නැරඹිය හැකියි