බටලන්දත් එක්ක අතුරුදහන් වූවන් නැගිටියි.

අතුරුදහන් වූවන්ගේ පවුල් එකතුවෙ සභාපති මාධ්‍ය හමුව

බීටෝ ප්‍රනාන්දු


මේ ටික හැම තැනම කතා වෙනවා බටලන්ද ගැන

ලංකාවේ සමුහ මිනී වලවල් විසිතුනක් තියෙනවා කියලා කියනවා

අපි ස්තුතිවන්ත වෙනවා අල්ජසීරා නාලිකාවට


චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය මේ වාර්තාව පාර්ලිමේන්තුවට ගෙනල්ලා එහෙම නැති වෙලා ගියා රනිල් වික්‍රමසිංහ කියනවා මට තියෙන චෝදනාව මේක කුලියට දීපු එක කියලා

අපි කියනවා මේ ආණ්ඩුවට මේක අත නොහැර කරන්න කියලා

මේ රටේ හැම දේශපාලන නායකයාගේ අතේ ලේ තියෙනවා

මාතලේ සමුව මිනී වලවල් 23 තිබුණා. ගෝඨාභය රාජපක්ෂ තමයි ඒ කාලයේ අණදෙන නිලධාරියා විදියට හිටියේ

මහින්ද රාජපක්ෂ මේකෙන් බේරෙන්න කොමිසමක් පත් කරා. ඒකට වෙච්ච දෙයක් නෑ

මේ ආණ්ඩුව ගැන අපිට බලාපොරොත්තුවක් තියෙනවා

*බට ලන්ද රනිල් වගේ මාතලේ ගෝඨාභය රාජපක්ෂ

අල් ජසීරා එකෙන් එම වාර්තාව පෙන්නුවාට පස්සේ රනිල් ගෙ කට වැහුනා

මෙතන ඉන්න බහුතරයක් අතුරුදහන් වූවන් ජනතා විමුක්ති පෙරමුණ සමග දේශපාලන කටයුතු කරපු අය

විජිත හෙරත් අමාත්‍යවරයත් කියනවා ආණ්ඩුව තිතට යනවා කියලා

අපි මේ පිළිබඳව අනුර කුමාර ජනාධිපතිවරයා දැනුවත් කරා

*අතුරුදහන් වූවන්ගේ සහෝදරියක්

89 මගේ සහෝදරයා හමුදාවෙන් ඇවිල්ලා අරන් ගියා

මෙයා ජීවතුන් අතර ඉද්දිත් මට මරණ සහතිකයක් හම්බවුණා

*ආනන්ද වික්‍රමසිංහ අතුරුදහන් වූවන්ගේ සහෝදරයෙක්

මගේ සහෝදරියගේ මහත්තයා තමයි 89දි නැති වුණේ

අපිට දැනගන්න ඕන ඒ සොයුරාට මොකක්ද උනේ කියලා

ඉදිරියට මේ වගේ දේවල් නැති වෙන්න වර්තමාන රජය කටයුතු කරන්න අතුරුදහන් වූවන් වෙනුවෙන් සාධාරණයක් ඉටු විය යුතුයි

What's your reaction?

Related Posts

1 of 631

Leave A Reply

Your email address will not be published. Required fields are marked *