බටලන්ද කොමිෂන් සභා වාර්තාව මෙම සතියේදී පාර්ලිමේන්තුවට

බටලන්ද කොමිෂන් සභා වාර්තාව මෙම සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. අද(11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීයෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

අපේ රටේ දශක ගණනාවක් තිස්සේ උතුරේ, දකුණේ සහ කඳුකරයේ ප්‍රජාත්‍රන්තවාදය අහිමිකිරීම් සහ  මානව හිමිකම් කඩකිරීම් සිදු වී තිබෙන බවත්, ජනතාවගේ ප්‍රජාත්‍රන්තවාදී අයිතිය ආරක්ෂා විය යුතු බවත් රජය ඒ් වෙනුවෙන් පෙනී සිටින බවද කැබිනට් ප්‍රකාශකවරයා මෙහිදී පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් කැබිනට් ප්‍රකාශකවරයා මෙසේ පැවසීය.

ඊයේ කැබිනට් මණ්ඩලයේදී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. ඒ් අනුව මෙම කොමිෂන් සභා වාර්තාව මෙම සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කැබිනට් මණ්ඩලය තීරණයකට ආවා.පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාට පසුව ගනු ලබන තීරණ ගැන පසුව ප්‍රකාශ කරනවා.

What's your reaction?

Related Posts

1 of 606

Leave A Reply

Your email address will not be published. Required fields are marked *