බටලන්ද කොමිෂන් සභා වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදය අද

බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද (10) ආරම්භ වේ.

ඒ, උදෑසන 9.30 ට පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුවයි.

බටලන්ද නිවාස සංකීර්ණය තුළ නීතිවිරෝධීව රඳවා ගැනීමේ ස්ථාන හා වධකාගාර පිහිටුවීම මෙන්ම ඒවා පවත්වාගෙන යාම පිළිබඳ පරීක්ෂණ වාර්තා, එහිදී විවාදයට ගැනෙනු ඇති.

දෙදින විවාදයක් ලෙස එය පැවැත්වීමට නියමිතයි.

දෙවැනි දිනය වෙනුවෙන්, මැයි මාසයේ දිනයක් වෙන් කිරීමට සැලසුම් කර තිබේ.

බටලන්ද කොමිෂන් සභා වාර්තාව, සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා, පසුගිය මාර්තු 14 වැනිදා සභාගත කළේ ය.

What's your reaction?

Related Posts

1 of 689

Leave A Reply

Your email address will not be published. Required fields are marked *