නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය නොවැම්බර් මස 25 වන දින අලුයම වන විට ශ්‍රී ලංකාවට දකුණින් පිහිටා තිබුණි. මෙම පද්ධතිය ඉදිරි පැය 30 තුළදී අවපාතයක් දක්වා තීව්‍ර වීමට ඉඩ ඇත. එහි බලපෑම හේතුවෙන් දිවයින පුරා පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ තවදුරටත් ඉහළ යනු ඇත. එබැවින් මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි උපදෙස් පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇත. දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 150 ට වැඩි ඉතා තද වැසි ඇතිවීමට ඉඩ ඇති අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැක. උතුරු, උතුරු-මැද, වයඹ, බස්නාහිර සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 50 ක පමණ තද සුළං බලාපොරොත්තු විය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට පැ.කි.මී. 40 ක පමණ තරමක් තද සුළං ඇතිවිය හැක. තද සුළං සහ අකුණු මඟින් සිදුවන හානි අවම කර ගැනීම සඳහා ප්‍රමාණවත් පූර්වෝපාය අනුගමනය කරන ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.























