අද දිනයේ උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ස්ථාන කිහිපයකට සවස 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි අපේක්ෂා කෙරේ. මේ අතර, හෙට (22) දිනය වන විට බෙංගාල බොක්කේ ගිනිකොන දිග ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමට ඉඩ ඇති බැවින්, නාවික සහ ධීවර ප්‍රජාවට ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස දැනුම් දී ඇත. මෙම අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනය වී ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නව ගමන් කිරීමට ඉඩ ඇත. ඒ අනුව, අද දින ත්‍රිකුණාමලයේ සිට කන්කසන්තුරය හරහා පුත්තලම දක්වා වන මුහුදු ප්‍රදේශවල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. සුළං ඊසාන දිශාවෙන් හෝ විචල්‍ය දිශාවලින් හමා එන අතර, සුළගේ වේගය පැයට කිලෝමීටර 20-30ක් පමණ වේ. කන්කසන්තුරයේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 40 දක්වා වැඩි විය හැක. කන්කසන්තුරයේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වා මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ. දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ පවතී. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට තාවකාලිකව තද සුළං සහ ඉතා රළු මුහුදු තත්ත්වයන් අපේක්ෂා කළ හැක.























