බණ්ඩාරගම, රයිගම ප්‍රදේශයේදී තරුණයෙකු ඉලක්ක කර ගනිමින් එල්ල වූ දරුණු තියුණු ආයුධ ප්‍රහාරයකින් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා තිබේ. ත්‍රිරෝද රථයකින් පැමිණි තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර, තුවාලකරු මේ වන විට හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇත්තේ මිල්ලණිය, මල්වත්ත ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි වියේ පසුවන පෙදරේරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් අනාවරණය වී ඇති මූලික තොරතුරුවලට අනුව, සැකකරුවන් මෙම ප්‍රහාරය සැලසුම් කර ඇත්තේ අදාළ තරුණයා පොලිසියට තොරතුරු සපයන්නෙකු ලෙස කටයුතු කරන බවට සැක කරමිනි.පහරදීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ, තුවාල ලැබූ තරුණයා තම නිවස අසල පදිංචි පුද්ගලයෙකු පිළිබඳව පොලිසියට තොරතුරු ලබා දී ඔහුව අත්අඩංගුවට ගැනීමට සහාය වීම බව වාර්තා වේ. එම පෞද්ගලික කෝන්තරය මත පදනම්ව මෙම තියුණු ආයුධ ප්‍රහාරය එල්ල කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.























