බත්තරමුල්ලේ සීලරතන හිමියන් අද කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය වෙත පැමිණ විශේෂ ලිපියක් භාර දෙමින් ඇමරිකාව සහ ඊශ්‍රායලය වෙත සිය පූර්ණ සහයෝගය පළ කර සිටියහ. අනතුරුව තානාපති කාර්යාලය ඉදිරිපිටදී එම රටවල ජාතික ධජ ඔසවමින් සහ ජයගෝෂා පවත්වමින් උන්වහන්සේ සිය සහයෝගිතාව ප්‍රදර්ශනය කළහ. ශ්‍රී ලංකාවේ පැවති යුද සමයේදී එම රටවල් ලබාදුන් සහයෝගය අමතක නොකළ යුතු බව උන්වහන්සේ මෙහිදී අවධාරණය කළහ.මාධ්‍ය වෙත අදහස් දක්වමින් සීලරතන හිමියන් කියා සිටියේ ඇතැම් දේශපාලනඥයන් පක්ෂග්‍රාහීව කටයුතු කරන බවයි. විශේෂයෙන්ම මුජිබර් රහුමාන් වැනි අය ඉරානයට පහර නොදෙන ලෙස ඉල්ලා සිටියද, ඊශ්‍රායලයට එල්ල වන ප්‍රහාර ගැන නිහඬව සිටීම උන්වහන්සේගේ විවේචනයට ලක් විය. භික්ෂූන් වහන්සේලා ලෙස තමන් වහන්සේලා ඇතුළු පිරිස යුක්තිය වෙනුවෙන් ඇමරිකාව සහ ඊශ්‍රායලය සමඟ පෙනී සිටින බව උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව ද අදහස් දැක්වූ උන්වහන්සේ, වත්මන් රජය විසින් සිදු කරනු ලබන යහපත් වැඩපිළිවෙළවල් අගය කරන බව ප්‍රකාශ කළහ. එසේ වුවද, ඇතැම් පිරිස් රජයේ ඉදිරි ගමනට බාධා කරමින් “කකුලෙන් ඇදීමේ” ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත්, එවැනි බාධාවන් නොතකා රට වෙනුවෙන් නිවැරදි තීන්දු ගත යුතු බවත් උන්වහන්සේ මෙහිදී පෙන්වා දුන්හ.


























