“බදු ශක්ති”  ජාතික බදු සතිය   හෙටින් ඇරඹේ

“අපේ බදු මුදල් අපි වෙනුවෙන්” යන තේමාව ඔස්සේ බදු ශක්ති – ජාතික බදු සතිය වැඩසටහන හෙට ජනපති අනුර කුමාර දිසානානයක මහතාගේ  ප්‍රධානත්වයෙන් ආරම්භ වන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් යූ.ඩී. එන් ජයවීර මහතා පවසයි.

බදු ශක්ති – ජාතික බදු සතිය පිළිබඳව දැනුවත් කිරිම සඳහා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති  මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

රටේ බදු ආදායම ඉහළ නැංවීමට ප්‍රවේශයක් ලෙස බදු සතිය ක්‍රියාත්මක කරන බවත් ජනතාව තුළ බදු ගෙවීමට ඇති  වී ඇති අසුබ වාදි ආකල්පය සුබවාදී ආකල්පයක් බවට පරිවර්තනය කිරිමත් බදු ක්‍රමයේ ඇති විනිවිදභාවය සහ වගවීමෙන් යුක්ත නව බදු සංස්කෘතකියක් ඇති කිරීමත් යන ප්‍රධාන කාරණා අරමුණු කරගනිමින් මෙය ක්‍රියාත්මක කරන බවද හෙතෙම පැවසීය.

ජනතාව ගෙවන බදු මුදල් රටේ සංවර්ධනයටදායක වන්නේ කෙසේද? එම බදු මුදල්වලින් අපේ රටේ ජනතාවට ලැබෙන ප්‍රතිලාභ මොනවද ?  යන කරුණු මුල් කරගෙන බදු සතිය තුළදී ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බවත්  එම දැනුවත් කිරීම් තුළින් බදු අනුකූලතාවය ඉහළ නැංවීමට සහ ප්‍රධාන වශෙයෙන් බදු පදනම පුළුල් කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

What's your reaction?

Related Posts

1 of 764

Leave A Reply

Your email address will not be published. Required fields are marked *