බදු සංශෝධන පනත් කෙටුම්පතට කථානායක අත්සන් තබයි

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (11) සිය සහතිකය ලබාදුන්නේය.

මෙම පනත් කෙටුම්පතේ දෙවැනි වර කියවීමේ විවාදය පසුගිය අප්‍රේල් 9 වැනිදා පැවැත්වුණු අතර, කාරක සභා අවස්ථාවේදී එයට සංශෝධන ඇතුළත් කෙරිණි.

පසුව, තෙවැනි වර කියවීමෙන් අනතුරුව, ඡන්ද විමසීමකින් තොරව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත විය.

මෙම පනත් කෙටුම්පත පළමු වර කියවීම සඳහා මාර්තු 1 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිණි.

ඒ අනුව, මෙම පනත් කෙටුම්පත 2025 අංක 04 එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත ලෙස බලාත්මක වනු ඇත.

What's your reaction?

Related Posts

1 of 687

Leave A Reply

Your email address will not be published. Required fields are marked *