ත්‍රිකුණාමලය බෝධිරාජ විහාරයේ බුදු පිළිමයක් තැන්පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු සැකකරුවන් දස දෙනා ඇප මත මුදා හැරීමට ත්‍රිකුණාමලය මහාධිකරණය අද (පෙබරවාරි 11) නියෝග කළේය. 2025 නොවැම්බර් මාසයේදී ත්‍රිකුණාමලය නගරයේ වෙරළබඩ ආරක්ෂක කලාපය තුළ අනවසරයෙන් කුටියක් ඉදිකර බුදු පිළිමයක් තැන්පත් කළ බවට එල්ල වූ චෝදනා මත ස්වාමීන් වහන්සේලා සිව්නමක් ඇතුළු මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබුණි.පසුගිය සතියේ මෙම පිරිස අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා ඇප අයදුම්පත්වලට විරෝධතා දැක්වීම සඳහා කල් ඉල්ලා සිටි බැවින් නඩුව අද දින දක්වා කල් තැබිණි. ඒ අනුව අදාළ කරුණු සලකා බැලූ මහාධිකරණය, රිමාන්ඩ් භාරයේ සිටි සියලුම සැකකරුවන් ඇප මත මුදා හැරීමට තීන්දු කළේය.


























