මුද්‍රණ කාඩ්පත් හිඟයක් හේතුවෙන් අත්හිටුවා තිබූ රියැදුරු බලපත්‍ර මුද්‍රණය යළි ආරම්භ කළ බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. මුද්‍රණ කටයුතු පසුගිය සතියේ යළි ආරම්භ කළ බවත්, දිනකට බලපත්‍ර 6,000ක් පමණ මුද්‍රණය කිරීමට සැලසුම් කර ඇති බවත් දෙපාර්තමේන්තුව සඳහන් කළේය. හිඟය හේතුවෙන් පසුගිය කාලසීමාවේදී බලපත්‍ර 350,000ක් පමණ පොදිගැසී තිබූ බව වාර්තා වේ. නව කාඩ්පත් තොග ලැබීමත් සමඟ මුද්‍රණය යළි ආරම්භ කර ඇති අතර, මෙම පොදිගැසී ඇති බලපත්‍ර කඩිනමින් නිකුත් කිරීමට දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි. මේ අතර, අයදුම්පත ඉදිරිපත් කර දින 14ක් ඇතුළත නව රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමට දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ. මෙය සාර්ථක කර ගැනීම සඳහා සියලුම දිස්ත්‍රික් කාර්යාල ඔන්ලයින් (online) පද්ධතියක් හරහා සම්බන්ධ කිරීමට අපේක්ෂා කරන අතර, මේ වන විට කාර්යාල කිහිපයක් දැනටමත් සම්බන්ධ කර ඇත. දැනට වේරහැර ප්‍රධාන කාර්යාලයට අමතරව හම්බන්තොට සහ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලවල මුද්‍රණ කටයුතු සිදු කෙරෙන අතර, නුදුරේදී කුරුණෑගල ද මුද්‍රණය ආරම්භ කිරීමට නියමිතය.

























