ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී, බලපිටිය රන්දොඹේ ප්‍රදේශයේදී කැස්බෑ බිත්තර 108ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. මෙම අත්අඩංගුවට ගැනීම 2026 පෙබරවාරි 17 වන අඟහරුවාදා දින සිදුකර තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු සහ නීති විරෝධී ලෙස සන්තකයේ තබාගෙන සිටි කැස්බෑ බිත්තර තොගය වැඩිදුර නීතිමය කටයුතු සඳහා අම්බලන්ගොඩ පොලිසිය වෙත භාරදීමට වෙරළාරක්ෂක නිලධාරීන් පියවර ගෙන ඇත.


























