බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සප්පුගස්කන්ද තෙල් පිරිපහදුවේ නවීකරණ කටයුතු සැළසුම් කිරීම මෙන්ම, විශේෂ අවධානය යොමු කළ යුතු ක්ෂේත්‍ර පිළිබඳව ඛනිජ තෙල් සංස්ථාවේ ඉහළ කළමනාකාරීත්වය සමග සාකච්ඡා කරන ලදී. ඒ බලශක්ති අමාත්‍යවරයා ඊයේ 28) දින පසුගස්කන්ද තෙල් පිරිපහදුවේ සිදුකළ අධීක්ෂණ චාරිකාවේදීය.
එහිදී සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව සොයා බැලූ අමාත්‍යවරයා තෙල් පිරිපහදුවේ අනෙකුත් සේවකයින් සමගද සුහද කතා බහක යෙදෙමින් ඔවුන්ගේ ගැටළු හා ඒ වෙනුවෙන් ඇති යෝජනා පිළිබඳව ද සිය අවධානය යොමු කරන ලදී.
වර්ෂ 1969 දී ඇරඹි සපුගස්කන්ද තෙල් පිරිපහදුව අක්කර 165ක භූමි භාගයක් පුරා පැතිරී පවතින අතර, එය මෙරට ඛනිජ තෙල් ආශ්‍රිත නිශ්පාදන අවශ්‍යතාවයෙන් 40%ක ප්‍රමාණයක් සපයනු ලබන අතර, කැළණිතිස්ස හා සපුගස්කන්ද වැනි විදුලි බලාගාර වලට අවශ්‍ය දැවි තෙල් සහ නැප්තාදසපයයි.
මෙම අවස්ථාව සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ මහතා සහ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ඉහළ කලමනාකාරීත්වය සහභාගී විය.