බලශක්ති ක්ෂේත්‍රයේ නව සබඳතා වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර හමුවක්

බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සහ ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ඛලීඩ් නසර් අල් අමේරි මහතා අතර විශේෂ නිල හමුවක් අද (26) පෙරවරුවේ පැවැත්විණි. මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රගතිය උදෙසා දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ නව ආයෝජන අවස්ථා ගොඩනගා ගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා වී තිබේ.​මෙම සාකච්ඡාවේ විශේෂ අවධානයක් යොමුවූයේ ත්‍රිකුණාමලය කේන්ද්‍ර කරගනිමින් කලාපීය බලශක්ති මධ්‍යස්ථානයක් බිහිකිරීමේ වැඩපිළිවෙළ වෙතයි. ඒ අනුව, ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර පසුගිය වසරේදී අත්සන් තැබූ ත්‍රෛපාර්ශ්වික එකඟතා ගිවිසුමේ ඉදිරි පියවර ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශවයම සිය කැමැත්ත පළ කර ඇත.​කලාපීය බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීමේදී එක්ව කටයුතු කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරුණු අතර, ශ්‍රී ලංකාවේ බලශක්ති ඉලක්ක සපුරා ගැනීම සඳහා අවශ්‍ය උපරිම සහයෝගය ලබාදීමට තානාපතිවරයා පොරොන්දු වී තිබේ. දෙරටේ සබඳතා නව මානයකට ඔසවා තබමින් ඉදිරි සංවර්ධන කටයුතු කඩිනම් කිරීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ විය.

What's your reaction?

Related Posts

1 of 986

Leave A Reply

Your email address will not be published. Required fields are marked *