පවතින ජාතික තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් මෙවර නත්තල් සැමරුම් සීමා කිරීමට කොළඹ මහා නගර සභාව පියවර ගෙන ඇති අතර, ඒ අනුව නගර සභා පරිශ්‍රයේදී පැවැත්වූ නත්තල් දේව මෙහෙය සඳහා ආගමික හා පළාත් නායකයින් රැසක් එක්වූහ. අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි. නත්තලේ මූලික වටිනාකම් ආරක්ෂා කරමින්, උත්සවශ්‍රීය වෙනුවට අසල්වැසියන් රැකබලා ගැනීම සහ බෙදාහදා ගැනීම කෙරෙහි මෙවර වැඩි අවධානයක් යොමු කළ බව කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය මෙහිදී සඳහන් කළාය.උත්සව කටයුතු සීමා කළද, බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ ‘බලාපොරොත්තුවේ ආලෝකය’ (Lights of Hope) යන තේමාව යටතේ කොළඹ නගරය නත්තල් ආලෝකයෙන් සරසා තිබේ. එමගින් එකමුතුකම සහ ඔරොත්තු දීමේ ශක්තිය සංකේතවත් කරන බවත්, රට යළි ගොඩනැගීමේ කාර්යයේදී සෑම පුරවැසියෙකුම බලාපොරොත්තුවේ ආලෝකය බවට පත්විය යුතු බවත් නගරාධිපතිනිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.



























