බස්නාහිර පළාතේ ඩෙංගු සහ චිකන්ගුන්යා මර්ධනයට කාර්ය සාධක බලකායක්..

බස්නාහිර පළාතේ ඩෙංගු සහ චිකන්ගුන්යා මර්ධනය සඳහා “War Against Dengue” මැයෙන් කාර්ය සාධක බලකායක් පත්කිරීමට ආණ්ඩුකාර හනිෆ් යුසුෆ් මහතා පියවර ගෙන තිබේ.

සමස්තයක් ලෙස දිවයිනෙන්ම වාර්තා වන ඩෙංගු රෝගීන්ගෙන් 50% ක්ම වාර්තා වන්නේ,  බස්නාහිර පළාතෙන් ය.

ඒ හේතුවෙන් මේ කාර්ය සාධක බලකාය ආණ්ඩුකාරතුමා විසින් පත්කර ඇති අතර එහි ප්‍රධාන වගකීම ඩෙංගු සහ චිකන්ගුන්යා රෝගවලින් අවම ජනතාවට යහපත් වටපිටාවක් සකස් කර දීමයි.

බස්නාහිර පළාතේ පවතින මෙම තත්ත්වය සම්බන්ධයෙන් මහජනතාවට දැනුම් දීම සඳහා පැය24 පුරා ක්‍රියාත්මක මෙහෙයුම් මැදිරියක්ද ක්‍රියාත්මකයි.

ඕනෑම අවස්ථාවක පළාත් පාලන ආයතන නිලධාරින් දැනුවත් කිරීම සඳහා මෙම සේවාව භාවිත කළ හැකි ය.

0112092720 / 0112092721 යන දුරකතන අංක ඔස්සේ එම මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධ විය හැකියි.

එහි ෆැක්ස් අංකය 0112092705 

What's your reaction?

Related Posts

1 of 765

Leave A Reply

Your email address will not be published. Required fields are marked *