බස්නාහිර පළාතේ ඩෙංගු හා චිකන්ගුන්යා රෝගීන් වාර්තාවීම සීඝ්‍රයෙන් ඉහළට..- බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ

බස්නාහිර පළාතේ ඩෙංගු හා චිකන්ගුන්යා රෝගීන් වාර්තාවීම සීඝ්‍රයෙන් ඉහළ යමින් ඇතැයි බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය ධම්මිකා ජයලත් මහත්මිය පවසයි.

වෛද්‍යවරිය පැවසුවේ උණ පවතී නම් කඩිනමින් වෛද්‍යවරයෙකු වෙත යොමුවන ලෙසයි.

මෙම රෝග දෙකම එකම මදුරුවෙකුගෙන් බෝවන බව ඇය සඳහන් කළා ය.

මේ වනවිට වාර්තාවී ඇති සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් 50% ක් බස්නාහිර පළාතෙන් වාර්තාවී ඇතැයිද ඇය සඳහන් කළා ය.

අවසන් වතාවට 2008 වසරේදී චිකන් ගුන්යා රෝගය වැළඳී ඇති බවත් එම වසරේදී රෝගීන් 40,000ක් පමණ වාර්තාවී ඇති බවත් ඇය සඳහන් කළා ය. 

What's your reaction?

Related Posts

1 of 943

Leave A Reply

Your email address will not be published. Required fields are marked *