බස් ගාස්තු ගෙවීමට කාඩ්පත් භාවිතය: නියමු ව්‍යාපෘතිය මාර්ග කිහිපයකට

ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන පද්ධතිය නවීකරණය කිරීමේ පියවරක් ලෙස, බස් ගාස්තු ගෙවීම සඳහා බැංකු කාඩ්පත් භාවිත කිරීමට මගීන්ට ඉඩ සලසන නියමු ව්‍යාපෘතිය අන්තර් පළාත් හා පළාත් මාර්ග කිහිපයක ආරම්භ කර තිබේ. මෙම නව ගෙවීමේ ක්‍රමය අද (24) මාකුඹුර බහුමාධ්‍ය ප්‍රවාහන මධ්‍යස්ථානයේදී සමාරම්භ කෙරුණු අතර, එය ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය සහ ඩිජිටල් තාක්ෂණ අමාත්‍යාංශය විසින් තෝරාගත් රාජ්‍ය හා පෞද්ගලික බැංකු වල සහාය ඇතිව ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබයි. මේ වන විට මෙම කාඩ්පත් ගෙවීමේ ක්‍රමය පහත සඳහන් මාර්ගවලට හඳුන්වා දී ඇත:

මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන මාර්ග:

  1. මාකුඹුර – මාතර
  2. මාකුඹුර – බදුල්ල
  3. මාකුඹුර – ගාල්ල
  4. කොළඹ – අම්පාර.

බස්නාහිර පළාත් මාර්ග:

  1. බොරැල්ල – කඩවත

ඌව පළාත් මාර්ග:

  1. බදුල්ල – බණ්ඩාරවෙල
  2. බදුල්ල – මහියංගනය
  3. මොනරාගල – බිබිල
  4. මොනරාගල – වැල්ලවාය.

මීට අමතරව, හෙට (25) දින සිට මෙම පද්ධතිය

  1. කොළඹ – වවුනියාව
  2. කඩවත – මහරගම
  3. මාකුඹුර – තංගල්ල,
  4. මාකුඹුර – අගුණකොළපැලැස්ස

යන මාර්ගවලට ද ව්‍යාප්ත කරන බව බලධාරීන් තහවුරු කළේය. පොදු ප්‍රතිචාර සහ මෙහෙයුම් කාර්ය සාධනය මත නියමු ව්‍යාපෘතිය තවදුරටත් පුළුල් කිරීමට නියමිත බවත්, දිගුකාලීන ඉලක්කය වන්නේ දිවයින පුරා පොදු බස් සේවාවන්හි කාඩ්පත් මත පදනම් වූ ගාස්තු ක්‍රමය හඳුන්වා දීම බවත් නිලධාරීහු පැවසූහ. මෙම ව්‍යාපෘතිය මගින් මුදල් භාවිතය ඉවත් කිරීම, විනිවිදභාවය වැඩි දියුණු කිරීම, සහ මගී පහසුව ඉහළ නැංවීම මෙන්ම, පොදු ප්‍රවාහන අංශයේ විනය හා කාර්යක්ෂමතාව ශක්තිමත් කිරීම අරමුණු කරයි.

What's your reaction?

Related Posts

1 of 890

Leave A Reply

Your email address will not be published. Required fields are marked *