බස් – ලොරි අනතුරකින් පුද්ගලයෙකු මරුට,26කට තුවාල

කන්තලේ අග්බෝපුර ප්‍රදේශයේදී බස් රථයක් සහ ලොරි රථයක් ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයකු මියගොස් තවත් 26 දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලිසිය සඳහන් කළේ විනෝද චාරිකාවක පිරිසක් රැගෙන යමින් තිබූ බස් රථයක් එලෙස අනතුරට ලක් ව ඇති බවයි.

බස් රථය මාර්ගය ඉදිරියෙන් ගමන් කළ කුඩා කැබ් රථයක් පසු කිරීමට යාමේදී අනතුර සිදු ව තිබෙන බව සඳහන්.

අනතුරට ලක්වූවන් මේ වන විට කන්තලේ රෝහලට ඇතුලත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව පොලීසය පැවසුවේ ය.

What's your reaction?

Related Posts

1 of 735

Leave A Reply

Your email address will not be published. Required fields are marked *