ශ්‍රී ලාංකීය වාහන සිහිනය සැබෑ කරමින් බ්‍රව්න්ස් EV (Browns EV) ආයතනය විසින් අලුතින්ම හඳුන්වා දුන් ‘Drive To Own’ වැඩසටහනේ සමාරම්භක උළෙල පසුගියදා කොළඹ ගාලු මුවදොර හෝටල් පරිශ්‍රයේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙම සුවිශේෂී වැඩසටහන හරහා පාරිභෝගිකයන්ට තමන් වාහනය පදවන අතරතුරදීම ඉතා සහනදායී වාරික ක්‍රමයක් යටතේ එහි පූර්ණ හිමිකාරීත්වය ලබා ගැනීමට අවස්ථාව සැලසේ. මෙය මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ නවමු වෙනසක් ඇති කිරීමට සමත් ව්‍යාපෘතියක් ලෙස ඇගයීමට ලක්වේ.මෙම සුවිශේෂී වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන්නේ මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරික දැවැන්තයින් වන PickMe සහ LOLC හෝල්ඩින්ස් යන ආයතන සමග අත්වැල් බැඳගනිමිනි. අවම මූලික පිරිවැයකින් සහ ඉතා පහසු ගෙවීමේ ක්‍රමවේදයන් යටතේ සාමාන්‍ය ජනතාවට තමන්ගේම වාහනයක් හිමිකර ගැනීමට මග පෑදීම මෙම සහයෝගීතාවයේ ප්‍රධාන අරමුණයි. මූල්‍යමය බාධාවන් අවම කරමින් ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගැනීමට මෙය කදිම විසඳුමක් වනු ඇත.වැඩසටහනේ සාර්ථකත්වය සනිටුහන් කරමින් එදිනම පාරිභෝගිකයන් 125 දෙනෙකු වෙනුවෙන් නිල වශයෙන් වාහන යතුරු ප්‍රදානය කිරීමද සිදු කෙරිණි. බ්‍රව්න්ස් EV, PickMe සහ LOLC හෝල්ඩින්ස් යන ආයතනවල ප්‍රධාන විධායක නිලධාරීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවැත්වුණු අතර, ඉදිරියේදී දිවයින පුරා සිටින තවත් බොහෝ පිරිසකට මෙම පහසුකම ව්‍යාප්ත කිරීමට ආයතනය අපේක්ෂා කරයි.
























