බාල ගල්අඟුරු භාවිතය හේතුවෙන් රුපියල් මිලියන 7,672ක අතිවිශාල පාඩුවක් සිදුව ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය නිකුත් කළ ලිපියක් උපුටා දක්වමින් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා චෝදනා කරයි. පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා යොමුකළ ලිපියකට අනුව, පෙබරවාරි 19 වනදා වන විට නව සැපයුම්කරුවෙකුගෙන් ලැබුණු ගල්අඟුරු නැව් අටක් ආශ්‍රිතව මෙම පාඩුව ගණනය කර ඇත. ගල්අඟුරු වල ගුණාත්මකභාවය අඩුවීම නිසා ඇතිවන බලශක්ති හිඟය පියවීමට කැලණිතිස්ස ඒකාබද්ධ චක්‍රීය බලාගාරයෙන් (KCCP) වැඩි පිරිවැයක් යටතේ විදුලිය උත්පාදනය කිරීමට සිදුවීම මෙම පාඩුවට ප්‍රධාන හේතුව වී තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නායකයින් දැනුවත් කර ඇති රණවක මහතා, අදාළ සාක්ෂි ද සහිතව පෙබරවාරි 17 වනදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇත.


























