බාල පොලිතින් එපා

පාරිභෝගික සංවිධාන වලින් පරිසර සංවිධානයට පැමිණිල්ලක්

රටේ පවතින බාල පොලිතින් පාවිච්චි කිරීමෙන් මහජනතාව මුහුණ දී ඇති ප්‍රශ්නය පිළිබඳව දැනුවත් කිරීමට අද දින අසේල සම්පත් , අජිත් ජයසුන්දර යන දෙදෙනා අද දින මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති හමුවුණා.

මාධ්‍යයට අදහස් දක්වමින්
අසේල සම්පත්

2025 ඉඳන් පරිසර හිතකාමී පොලිතින් භාවිතා කරනවා කියලා තිබුණා. වරක් භාවිතා කරන පොලිතින් භාවිතයෙන් ඉවත් කරනවා කියලා තිබ්බා ඒක ඇත්තටම හොඳ දෙයක්. 2015 දී මම තමා කිව්වේ කොහොමද පරිසර හිතකාමී පොලිතින් අඳුරගන්නේ කියලා . එතකොට මම ආපණ ශාලා හිමියන්ගේ සභාපති . මම මගේ ගෙදර පරිසර හිතකාමී පොලිතින් සහ පරිසරයට අහිතකර පොලිතින් ගෙවත්තේ සිට වල බැලුවා . එහිදී පරිසර හිතකාමී පොලිතීන් දිරා තිබූ අතර , අනිත් පොලිතින් එක දිරා තිබ්බේ නෑ. ඒකෙන් වුනෙ කූඨ ව්‍යාපාරිකයෝ නැවත බාල පොලිතින් විකුණන්න ගත්තා. ඒකත් සත 25ට තිබ්බ එක රුපියලක් වෙනකම් වැඩි කරා. මිල වැඩිවීමක් වුණා විතරයි පරිසර හිතකාමීව පාවිච්චි කරෙ නැ.

අජිත් ජයසුන්දර සත්ජන බලකායේ ලෙකම් .

1980 අංක 48 දරන අංකය යටතේ තමා මේ පරිසර අධිකාරී ස්ථාපිත කරලා තියෙනවා. 2017 දි බාල පොලිතින් ගැන ගැසට් එකක් ගහලා තියෙනවා මේ පරිසර අධිකාරිය. මයික්‍රෝණ විස්සට හෝ විස්සට පල්ලෙහන් තියෙන පොලිතින් තමා මේකට ගන්න පුළුවන් කියල කියල තියෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *