බැකෝ සමන් ගේ බිරිඳගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අවසර

මුදල් විශුද්ධිකරණ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බැකෝ සමන් නමැත්තාගේ බිරිඳගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන්නා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද මෝසමක් ඉදිරිපත් කරමින් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බැකෝ සමන් නමැත්තාගේ බිරිඳවන ශාධිකා ලක්ෂානී නමැත්තියගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවශ්‍ය බව අධිකරණයට දැනුම් දුන්නා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක. එස්. බෝදරගම මහතා අදාල සැකකාරියගෙන් ලබන සඳුදා ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පහසුකම් සලසා දෙන ලෙස බන්ධනාගාර බලධාරීන්ට නියෝග කළා.

මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් මෙම සැකකාරිය ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියෝග කළා.

What's your reaction?

Related Posts

1 of 752

Leave A Reply

Your email address will not be published. Required fields are marked *