ජාතික ජන බලවේගයේ ප්‍රවාහන කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ආචාර්ය බන්දුර දිලීප විතාරණ මහතා ලංකා ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඔහුගේ ඉල්ලා අස්වීමට අදාළ ලිපිය ඔහු විසින් ප්‍රවාහන අමාත්‍යාංශය වෙත යොමුකර ඇති අතර මෙතෙක් එම ඉල්ලා අස්වීමට හේතුවක් වාර්තා වී නොමැත.
මේ අතර අමාත්‍ය බිමල් රත්නායක මහතා යටතේ පවතින අමාත්‍යාංශවලට අයත් ආයතනවල සභාපති ධුරයෙන් අස්වූ 3වෙනි පුද්ගලයා වන්නේ ආචාර්ය බන්දුර දිලීප විතාරණ මහතා බවත් මීට පෙර ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති රුවන් විජයමුණි මහතා එම ධුරවලින් ඉල්ලා අස්වී ඇති බවත් සඳහන් වේ.
