බිමල් රත්නායක අමාත්‍යවරයා සහ පලස්තීන තානාපති අතර විශේෂ හමුවක්

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය  බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ  පලස්තීන තානාපති  ඉහාබ් කලිල් මහතා අතර විශේෂ හමුවක් අමාත්‍යංශයේ දී  සිදුවිය. 

තානාපතිතුමා සමඟ නියෝජ්‍ය තානාපති හිෂාම් තහා  මහතාද මෙම අවස්ථාවට සහභාගී විය.

මෙහි දී ප්‍රධාන වශයෙන් සාකච්ඡා වූයේ පලස්තීනයේ ගාසා තීරයේ  වත්මන් යුද්ධ තත්ත්වය හා යුද්ධය නැවත්වීම සඳහා ගන්නා පියවරයන් පිළිබඳවයි. 

ශ්‍රී ලංකාව සදාකාලිකව යුද්ධයට විරුද්ධ වන අතර නිදොස්, අහිංසක පලස්තීන ජනතාවට අත්වන  මරණයන් නැවත්වීමට සියලුම පියවර ගත යුතු බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

What's your reaction?

Related Posts

1 of 742

Leave A Reply

Your email address will not be published. Required fields are marked *