පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි
බදුල්ලේ ධම්ම ගවේසී හිමියන් විසින් රචිත බුද්ධෝත්පාද දේශය ේ කෘතියේ එළිදැක්වීම ඊයේ කොළඹ ආනන්ද විද්‍යාලීය කුලරත්න ශාලාවේදී සිදු කෙරුණා
රාමඤ්ඤ නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල හිමියන්ගේ ්‍රධානත්වයෙනුයි උත්සවය පැවැත්වුණේ
මහා සංඝරත්නය විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා
මෙහිදී විශේෂ දේශන මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරයේ ධම්මරතන හිමි විසින් සිදු කරනු ලැබුවා
, උන්වහන්සේ මෙහිදී පෙන්වා දෙන්නේ බුදු දහම රැක ගැනීම සඳහා සියලු දෙනාගේ දායකත්වය ලැබිය යුතු බවයි
අතිපූජ්‍යෝ ඕමල්පේ සෝභිත හිමියෝ ද මෙහිදී විශේෂ දේශනයක් කරනු ලැබුවා
චීවරධාරීන් ලෙස පෙනී සිටින පිරිසක් බුදු දහම විනාශ කිරීමට කටයුතු කරන බවත් ඒ සඳහා පොලිසියට දැන්වත් ඔවුන්ට ්‍රියාකළ නොහැකි බව කියනවා
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දී බුදු දහම පෝෂණය කොට රැකගැනීම පිළිබඳව සඳහන් වෙනවා
මේ පිළිබඳව වත්මන් රජයේ ජනාධිපතිතුමාද සැලකිල්ලක් දක්වන ලෙස උන්වහන්සේ ඉල්ලා සිටිනවා
මහාචාර්ය හේරත් දිසානායක
මහාචාර්ය රාජ් සෝමදේව යන මහත්වරුන්ද මෙහිදී අදහස් දැක්වූවා