බූස්ස බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කෙරේ; වගකිවයුතු රැඳවියන් වෙනත් බන්ධනාගාරවලට

බූස්ස දැඩි ආරක්ෂිත බන්ධනාගාරයේ ‘D’ වාට්ටුවේ වහලය මතට නැග නොසන්සුන් ලෙස හැසිරෙමින් බන්ධනාගාර දේපළවලට හානි කළ රැඳවියන් පිරිසක් ඊයේ (16) රාත්‍රියේ පාලනය කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. බන්ධනාගාර පරිපාලනයට එරෙහිව විරෝධය පළ කරමින් ඊයේ සවස් කාලයේ මෙම පිරිස වහලය මතට නැග ඇති අතර, එහිදී බන්ධනාගාර දේපළවලට ද හානි සිදුව ඇත. බන්ධනාගාර නිලධාරීන් සහ පොලිසිය මැදිහත් වී තත්ත්වය පාලනය කළ අතර, මෙම නොසන්සුන්තාවයට සම්බන්ධ වූ රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවීමට පියවර ගන්නා බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් මේ වන විට විශේෂ විමර්ශනයක් ද ආරම්භ කර ඇත.

What's your reaction?

Related Posts

1 of 1,004

Leave A Reply

Your email address will not be published. Required fields are marked *