ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින දැඩි පීඩන කලාපය අද (ජනවාරි 09) පෙරවරු 10:00 වන විට පොතුවිල් සිට කිලෝමීටර් 160ක් නැගෙනහිරින් පිහිටා ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම පද්ධතිය අද සවස් කාලයේදී පොතුවිල් සහ ත්‍රිකුණාමලය අතර ප්‍රදේශයකින් ශ්‍රී ලංකාවේ වෙරළ තීරයට ඇතුළු වෙමින් වයඹ දෙසට ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව නිරීක්ෂණය වේ.මේ හේතුවෙන් එළඹෙන ජනවාරි 11 වැනිදා දක්වා ඉදිරි දින තුනක කාලය සඳහා දිවයින පුරා තද සුළං සහ තද වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. මෙම උපදේශනය උතුරු, උතුරු-මැද, නැගෙනහිර, සබරගමුව, බස්නාහිර, දකුණ, ඌව, වයඹ සහ මධ්‍යම යන පළාත් සඳහා අදාළ වේ.


























