බෙංගාල බොක්කේ පීඩනය උත්සන්න වෙයි: මුහුදු යාමෙන් වළකින්න!

​බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය හේතුවෙන් අද (ජනවාරි 08) සිට නැවත දැනුම් දෙන තුරු දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවලට යාමෙන් වළකින ලෙස නාවික සහ ධීවර ප්‍රජාවට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව, මෙම පද්ධතිය ඊයේ රාත්‍රී 11:30 වන විට පොතුවිල් සිට කිලෝමීටර් 490ක් ගිනිකොණ දෙසින් පැවති අතර, ඉදිරි පැය 24 තුළ එය බස්නාහිර-වයඹ දෙසට ගමන් කර දිවයිනේ නැගෙනහිර වෙරළ තීරය වෙත ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඉදිරි පැය 12 තුළ මෙය තද පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය විය හැකි අතර, එහි බලපෑමෙන් මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.​ඊසාන දෙසින් හමන සුළඟේ වේගය පැයට කිලෝමීටර් 35-45ක් පමණ වන අතර, ඇතැම් අවස්ථාවලදී එය පැයට කිලෝමීටර් 60-70 දක්වා ඉහළ යා හැකි බැවින් මුහුදු ප්‍රදේශ රළු හෝ ඉතා රළු විය හැක. විශේෂයෙන් කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවල රළ මට්ටම මීටර් 2.5 සිට 3.5 දක්වා ඉහළ යාමේ අවදානමක් පවතී. ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලිකව තද සුළං මෙන්ම ඉතා රළු මුහුදු තත්ත්වයක් ඇති විය හැකි බැවින් දැඩි අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී ඇත.

What's your reaction?

Related Posts

1 of 933

Leave A Reply

Your email address will not be published. Required fields are marked *