බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ගිනිකොන දෙසින් පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළ තද පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇති බව වාර්තා වේ. මෙහි බලපෑම හේතුවෙන් උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම යන පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 දක්වා වූ තද වැසි ඇති විය හැකි බවට පුරෝකථනය කර ඇත.



























